හිටපු වෙළඳ හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය ගරු

ආර්. ජී. සේනානායක

මැතිතුමාගේ නිල වෙබ් අඩවිය
Home
මුල් පිටුව
Biography
ජීව දත්ත
Political Life
දේශපාලන දිවිය
Family
පවුලේ තොරතුරු
Lanka-China Rubber Rice Act
රබර් සහල් ගිවිසුම 
Cartoons
කාටූන්
Memorias
අතීත මතකය
     

දේශපාලන දිවිය

ආර්. ජී. සේනානායක ශී‍්‍ර ලංකා මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික ජයග‍්‍රහණයක් සනිටුහන් කරමින්, ස්වාධීන අපේක්ෂකයකු ලෙස තම සුපුරුදු දඹදෙණිය ආසනයත්, ප‍්‍රතිමල්ලවයාගේ කැලණිය ආසනයත් විශිෂ්ට ලෙස ජයග‍්‍රහණය කෙළේ ය. පනස් හයේ ඓතිහාසික දේශපාලන පෙරළියෙන් බිහිවූ ම.එ.පෙ. රජයේ වෙළෙඳ ඇමැති ධුරයට පත් විය.

1960 මාර්තු සහ ජූලි මැතිවරණ ඒ මහතා ශී‍්‍ර.ල.නි.ප. නියෝජනය කරමින් ජයග‍්‍රහණය කෙළේ ය. 1965 ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ද සිය අසුන රැකගත් ආර්. ජී. සේනානායක මහතා, 1968 දී සිංහල මහජන පක්ෂය පිහිටුවා ගත්තේ ය.

දෙවැනි රාජ්‍ය මන්ත‍්‍රණ සභාවේ නාරම්මල ආසනයට 1944-12-17 දින පැවැති අතුරු මැතිවරණයෙන් ජය ගෙන ජාතික දේශපාලනයට පිවිසි ආර්. ජී. සේනානායක මහතා, පළමුවැනි පාර්ලිමේන්තුවේ දඹදෙණිය මන්තී‍්‍ර වශයෙන් පත්වූයේ ය.

ඩී. ඇස්. සේනානායක රජයේ ආරක්ෂක හා විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු ලේකම් (උප ඇමැති) ධුරයට පත් කෙරිණි.

1952 රජයේ වෙළෙඳ ඇමැති ධුරයට පත්ව, එවකට පැවැති ආර්ථික අර්බුදයට දිගුකාලීන විසැඳුම් වශයෙන් ලංකා - චීන රබර් - සහල් ගිවිසුම ගොඩ නඟා ගත්තේ එවකට එජාප රජය තුළ පැවැති මාක්ස්වාදී භීතියට ද අභියෝග කරමිනි.

ඉන්දියානු පුරවැසි ප‍්‍රශ්නය පිළිබඳ පාලක පක්ෂයේ නායකයන් සමඟ ඇති වූ මතවාදී ගැටුමක් උප නායක ජේ. ආර්. ජයවර්ධනයන් සමඟ පැසවමින් තිබූ විවිධ ප‍්‍රශ්නත් මුල්කර ගනිමින් එ.ජා.ප. යෙන් හා රජයෙන් ද ඉල්ලා අස්වුයේය.